මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 42 වන වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.11.06 දින,
- 26 වන මහළ, නැගෙනහිර කුලුණ, එව්ලන් චතුරශ්‍රය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, කොළඹ 01 යන ස්ථානයේ ලියාපදිංචි මාලන් ෆර්නැන්ඩෝ ඉන්ටර්නැෂනල් ෆොරෙක්ස් එක්ස්වෙන්ජ් යුනිට් (පීවීටී) එල්ටීඩී (MARLON FERNANDO INTERNATIONAL FOREX EXCHANGE UNIT (PVT) LTD) (PV 00231295) යන සමාගම; සහ
- අංක 07, ආනන්ද පාර, මෙල්ඩර් පෙදෙස, නුගේගොඩ ලිපිනයෙහි පදිංචි කුරුකුලසූරිය ෆර්මි මාලන් ෆර්නැන්ඩෝ (871263574V) යන අය,
විසින් උක්ත පනතෙහි 2 (2) වගන්තිය උල්ලංඝනය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව මුදල් ව්‍යාපාර පනතෙහි 42 (10) වන වගන්තිය යටතේ මහජන සුභසිද්ධිය පිණිස මහජනයා වෙත දැනුම් දීම සඳහා මෙම දැන්වීම පළකරනු ලැබේ.
ඒ අනුව, ඉහතින් සඳහන් කරන ලද සමාගමට සහ පුද්ගලයාට;
- පොරොන්දු පත්‍ර නිකුත් කිරීම මඟින් හෝ වෙනත් කිසිදු ආකාරයකින්, මහජනතාවගෙන් තැන්පතු භාර නොගන්නා ලෙස; සහ
- එම සමාගම සහ පුද්ගලයා සතුව පවතින සියලු තැන්පතු වගකීම් පියවීමට පියවර ගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් විධාන කර ඇත.


පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ