තමාට පක්ෂයේ නායකයා විමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවත් එහි අවසන් තීරණය පක්ෂයේ විධායක සභාව සතු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රා දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ ජනතාව කැමති අයෙකු පක්ෂ නායකයා ලෙස පත්කර ගන්නා බවයි.
සිය දේශපාලන ගමන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ගමන ආරම්භ කල බව එහි ක්‍රියාකාරි සාමාජිකයකු ලෙස කටයුතු කිරිම නිසා තමාට නායකයා විමේ සුදුසුකම තිබෙන බව අවධාරණය කලා.
පක්ෂ නායකයා පත් කර ගැනිම සඳහා කලබල නොවි බිම්මට්ටමේ සිට පක්ෂය නැවත ගොඩ නැඟිය හැකි පුද්ල්‍ගලයෙක් නායකයා විම වැදගත් බව දයාසිරි මහතා පැවසුවා.
සිය මව පක්ෂ නායිකාව ලෙස සිටියදි සියලු දෙනාගේ විරෝධය එල්ල වුවද වසර 17ක් බිඳවැටි තිබු පක්ෂය ගොඩ නැගිමේ කටයුත්ත බිම්මට්ටමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ආරම්බ කල බව අවධාරණය කළා.
2019 වසරින් පසු නිදහස් පක්ෂය වල්වැදිමට පටන් ගත් නිසාවෙන් නැවත ගොඩ නැගිය යුතු බව පවසා සිටියා.
දයාසිරි මහතා මෙහිදි අවධාරණය කළේ පක්ෂ බෝඩ් එක, ගොඩනැගිල්ල විධායක සභාව ලෙස අහුලගත් පිරිසකින් පක්ෂයක් නිර්මාණය නොවන බවයි.
රටට නායකත්වයක් දිය හැකි පක්ෂයක් නිර්මාණය කිරිමට සියලු දෙනා එකතුවිය යුතු බව ඔහු මෙහිදි පැවසුවා.
තමන් ජේෂ්ඨයි ලෙස හිතේ තියාගෙන හැමදා මේකේ රැදිලා ඉන්න බැහැ.කොන්ෆියුස්තුමා කියපු විදියට දහසක් මල් පිපේවා දහසක්වැසි වසීවා.ඒකෙන් අදහස් කලේ වෙන එකක් නෙමෙයි තවතව මල්ගස් හැදේවා වැස්ස ආවම තමයි මල් පැල එන්න පටන් ගන්නේ .ඉතින් ඒ නිසා තමන් ජේශ්ඨයි තමන් තමයි මේකාලේ ආපු එක්කෙනා.මගේ අංකේ අංක පහ.එහෙම ඉදගෙන මේක දුවන්න බැහැ.අපි මේ හැම පක්ෂයකටම අලුත් ලේ නිව් බ්ලඩ් එන්න ඕන.මම සුදානම් ඒ කැපවිම කරන්න.මම මිනිස්සු පිලිගන්නැහැයි කියලා තේරුන දවසට මම ඉවත් වෙන්න දැන ගන්න ඕන.බලහත්කාරයෙන් පක්ෂ නායකත්වවල එල්ලිලා ඉන්න හැකියාවක් නැහැ.එහෙම උනාම වෙන්නේ පක්ෂ ජනතාව ඉවරයි.ඒ නිසා ලැස්තිවෙන් ඕන තමන්ට ආපු වෙලාවේ සබ්බං පහාය ගමනියං කියන්නේ යන්න ඕන වෙලාවට යන්න ලෑස්ති වෙන්න ඕන

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ