බංග්ලාදේශයේ දිගුකාලීන පාලක පවුලේ උරුමක්කාරයා සහ රටේ බලවත් විපක්ෂයේ නායකයා වන තාරික් රහ්මාන්, වසර 17ක් පිටුවහල්ව සිටීමෙන් පසු නැවත රටට පැමිණ ඇති බව ඔහුගේ පක්ෂය පවසයි.
දේශපාලනික වශයෙන් එල්ල වු බලපෑම් හේතුවෙන් 2008 දී බංග්ලාදේශයෙන් පළාගිය දා සිට ලන්ඩනයේ ජීවත් වූ අගමැතිවරයකු වන 60 හැවිරිදි රහ්මාන් අද ඩකා නුවරට පැමිණියේය.
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපතිවරයා වන ඔහු තම රෝගී මව වන 80 හැවිරිදි හිටපු අගමැතිනි කලීඩා සියාගෙන් පාලනය භාරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රහ්මාන් පිළිගැනීම සඳහා අගනුවරට මිලියන පහක් දක්වා ආධාරකරුවන් කැඳවන බව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මීට පෙර පවසා තිබිණි.
එමෙන්ම එළැඹෙන පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශයේ මහ මැතිවරණයේදී ප්රමුඛ අපේක්ෂකයකු ලෙස රහ්මාන් ඉදිරිපත් වනු ඇතැයි පැවසේ.
ඔහුගේ පැමිණීම සිදුවන්නේ, පසුගිය වසරේ දිගුකාලීන නායිකා ෂෙයික් හසීනා බලයෙන් පහකිරීමෙන් පසු, බීඑන්පී පක්ෂය නැවතත් බලයට පත්වීමත් සමඟ ය.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ