උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු පළාතෙත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

පිල්ලෙයාන් රිමාන්ඩ්
IMF නියෝජිත පිරිස හා ජනපති අතර හමුවක්
ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවල පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ඉරාකයේ සිටින ඇමරිකානුවන්ට වහාම ඉවත් වන්නැයි නිවේදනයක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුවත් කිරීමක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල පහත වැටෙයි
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
මෙම වසරේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර අධිකරණයට
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ඥාති පුත්‍රයාත් CID දැලේ