Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එංගලන්තය පරදා අයර්ලන්තය ඓතිහාසික ජයක් ලබයි

2 years ago 1.4 K

එංගලන්තය සහ අයර්ලන්තය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයෙන් ජය ලැබීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

කණ්ඩායම් දෙක අතර අද (26) පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එන අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව එය ලකුණු 05කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය.

මෙය එංගලන්ත කණ්ඩායම බලාපොරොත්තු නොවූ පරාජයකි.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්ත කාණ්ඩායමට ලබාදුණි.

එන අනුව අයර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 19.2කදී සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස වර්ෂාව නිසා තරගය නතරකරන විට එංගලන්තය ලබා සිටියේ පන්දු ඕවර 14.3කදී ලකුණු 105ක් පමණි.

ඒ අනුව ඔවුන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව තරගය ලකුණු 05කින් ජයගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *