මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී මිනුවන්ගොඩ දෙස සිට ජාඇළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරළී ගොස් සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (12) සවස මෙම අනතුර සිදුව ඇති අතර, ලොරියට යට වී යතුරුපැදිය පැදවූ 26 හැවිරිදි කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියා එම ස්ථානයේම මියගොස් ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු ජාඇළ රෝහලට ඇතුළත් කර තිබේ.
මෘත ශරීරය ජාඇළ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

22 සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට
පාස්කු මහ නඩුවේ තීන්දුව අද! අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!
අනෝජන් බේරා ගන්න ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි
ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක්! කාලගුණයේ නවතම නිවේදනය මෙන්න!
චමරි අතපත්තු ප්රමුඛ සිංහ ධේනුවන් අද රන් පදක්කම් සටනට
ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ