එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, රජයේ පාසල් පනත් කෙටුම්පතට ගෙන ආ සංශෝධනයකට පක්ෂ ඡන්ද 261ක්ද විපක්ෂව ඡන්ද 150ක් හිමිව ඇති අතර, විපක්ෂ ලෝඩ් සාමාජිකයින් මෙම තහනමට සහයෝගය පළ කර තිබේ.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ පහළ සභාව වන (House of Commons) කොමන්ස් සභාවේදී අවලංගු කිරීමට උත්සාහ කරන බවය.
එමෙන්ම, වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් විසින් වෙනම මහජන උපදේශන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් පවතින බවද රජය පෙන්වා දී ඇත.
මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, බ්‍රිතාන්‍යයේ දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ සමාජ මාධ්‍ය සමාගම්වල වගකීම පිළිබඳව වැදගත් නව පියවරක් වනු ඇති බව දේශපාලන සහ සමාජ විශ්ලේෂකයින් සඳහන් කරති.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්