ශ්‍රී ලාංකිකයන්ගේ ජය මාවත විප්ලවීය ලෙස වෙනස් කරමින් සම්ප්‍රදායෙන් ඩිජිටල් අවකාශය වෙත
ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) තම අනුමත ඩිජිටල් වෙළඳ නියෝජිතයා ලෙස අඛණ්ඩව හයවැනි වසරටත් Lucky1.lk වෙබ් අඩවිය සමඟ නැවතත් අත්වැල් බැඳගනී. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ලොතරැයි වේදිකාව ලෙස Lucky1.lk පිළිබඳ විශ්වාසය, ආරක්ෂිත බව, පැහැදිලි හා දියුණු තාක්ෂණික සේවාව කෙරෙහි ජාතික ලොතරැයි මණ්ඩලයේ විශ්වාසය නැවත තහවුරු කරමින්.
2019 වසරේ ආරම්භ කරන ලද DigitalX (පුද්ගලික) සමාගම විසින් බලගන්වනු ලබන Lucky1.lk විශ්වාසනීයත්වය, නව්‍යතාවය සහ පාරිභෝගික සේවා යන කරුණු මත පදනම්ව, ශ්‍රී ලංකාවේ විශ්වාසය වැඩි වශයෙන් දිනාගත් ඩිජිටල් ලොතරැයි වේදිකාව බවට පත්ව සිටි.
සම්ප්‍රදාය හා නව්‍යතාව එකට එක් කරමින් Lucky1.lk වෙබ් අඩවිය අකුරු, රාශි සංකේත හෝ අංක අනුව ‘Search & Buy’ පහසුකම් සපයයි. ටිකට්පත් SMS හරහා හෝ ක්‍රෙඩිට් / ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් මිලදී ගත හැකි අතර, ප්‍රතිඵල හා ජයග්‍රහණ පිළිබඳ විස්තර පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන වෙත සෘජුවම යොමුකරනු ලැබේ. Lucky1.lk වෙබ් අඩවිය Dialog, Mobitel සහ Hutch ජාලයන් හරහා ජංගම දුරකථන ගාස්තු අය කිරීම් (mobile charging) සක්‍රීය කර ඇති ශ්‍රී ලංකාවේ ලොතරැයි වේදිකා අතරින් එකකි. ලියාපදිංචිය නොමිලේ වන අතර, ස්වයංක්‍රීය ටිකට් මිලදී ගැනීම සඳහා දෛනිකව විකල්ප දායකත්වයක්ද ලබාගත හැක.
Lucky1.lk ලොතරැයි ටිකට්පත් Daraz වෙබ් අඩවිය හරහා ද ලබා ගත හැකි අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම e-commerce වේදිකාවක් හරහා නිල NLB ටිකට්පත් මිලදී ගැනීමට ද පාරිභෝගිකයින්ට හැකියාව ලැබේ.
මෙම වේදිකාව සතිපතා වටිනා ජයග්‍රහණ ත්‍යාග ලබා දෙන අතර, සාමාන්‍යයෙන් සතියකට රුපියල් මිලියන 14කට ආසන්න මුදලක් බෙදාහැරේ. දෛනික දිනුම් ඇදීම් (draws) මඟින් නිතර ජයග්‍රහණ අවස්ථා සලසයි.
තාක්ෂණයට පමණක් සීමා නොවී, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ටත් විදේශගත ශ්‍රී ලාංකිකයන්ටත් ආරක්ෂිතව සහ පහසුවෙන් සහභාගී වී ජයග්‍රහණ ලබා ගැනීමට Lucky1.lk හරහා ඉඩ සැලසීම විශේෂිතයි.
NLB විසින් සිය අනුමත ඩිජිටල් වෙළඳ නියෝජිතයා ලෙස මෙම ගිවිසුම නැවත දීර්ඝ කිරීම, ශ්‍රී ලංකාවේ ලොතරැයි කර්මාන්තය වඩා ප්‍රවේශවීමේ පහසුව සහිත මෙන්ම පැහැදිලි සහ හෙට දිනටත් සූදානම් වේදිකාවක් බවට පත් කිරීමට Lucky1.lk දක්වන කැපවීම පැහැදිලි කරයි.
වැඩිදුර තොරතුරු සඳහා www.lucky1.lk වෙත පිවිසෙන්න නැතිනම් 0117 989 989 අංකය අමතන්න.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු