අපේ රට ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් සුරක්ෂිත වීමට නම් ගුණාත්මක මානව සම්පතක් නිර්මාණය විය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රධානතම සාධකය අධ්‍යාපනය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
රජය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සිදු කිරීම සඳහා විශාල කැපවීමකින් සහ උත්සාහයකින් කටයුතු කරමින් සිටින බවත්, එම ගමනේදී කුමන බාධා එල්ල වුවද නිසි ඉලක්කයක් සහ අරමුණක් ඇති බැවින් ඒ සියල්ල ජය ගනිමින් ඉදිරියටම යන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ අධ්‍යාපන සමුපකාර සමිතියේ සාමාජිකයින්ගේ දූ පුතුන් වෙනුවෙන් අද (31) අරලියගහ මන්දිරයේදී පැවැත්වූ “EDCS සිසු නැණ ප්‍රණාම” ශිෂ්‍යාධාර ප්‍රදානෝත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සමිතිය (EDCS) මගින් සංවිධානය කරන මෙම වැඩසටහන හුදු ශිෂ්‍යාධාර පිරිනැමීමක් පමණක් නොව, රටේ අනාගතය භාර ගැනීමට සිටින සිසුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කැපවීම ඇගයීමට ලක් කරන උතුම් අවස්ථාවක් බවයි.
1930 වසරේදී සාමාජිකයන් 58 දෙනෙකුගෙන් සහ රුපියලක සාමාජික ගාස්තුවකින් ආරම්භ වූ මෙම සමිතිය, අද වන විට සාමාජිකයන් දෙලක්ෂ පහළොස් දහසක් පමණ සිටින දකුණු ආසියාවේ විශාලතම සමුපකාරයක් බවට පත්ව තිබීම සුවිශේෂී ජයග්‍රහණයක් බවද ඇය පැවසුවාය.
ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වන අයුරුත්, ආර්ථික හා පරිසර අර්බුද හමුවේ මානව සම්පත සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
පාසල් අධ්‍යාපනයේ සිටම අද ලෝකයට ගැළපෙන අයුරින් අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කළ යුතු බවත්, විශ්වවිද්‍යාලවලට පිවිසෙන සිසුන් මෙම වෙනසේ නියමුවන් හා කොටස්කරුවන් විය යුතු බවත් ප්‍රකාශ කළාය.
වසරකට ප්‍රාථමික අධ්‍යාපනයට එක්වන ලක්ෂ තුනකට ආසන්න පිරිසෙන් විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 40,000ක් වැනි පිරිසක් බැවින්, එම සුවිශේෂී අවස්ථාව රටේ දියුණුව වෙනුවෙන් භාවිත කරන ලෙස අග්‍රාමාත්‍යවරිය සිසුන්ගෙන් ඉල්ලා සිටියාය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ
ජාතික තරුණ සේවා සභාවට නව අධ්යක්ෂ මණ්ඩලයක්
වාහන 3ක් එකිනෙක ගැටෙයි! දෙදෙනෙක් රෝහලට!
2025 GIT විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
මුදල් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ
ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
විෂ සහිත ඇට වර්ගයක් ආහාරයට ගත් සිසුන් 22ක් රෝහලට
ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
ලංකා IOC සමාගමේ ලාභය පහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කෙරේ
ඇමති සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධියේ අභියෝග කළ චාමර සම්පත්