බටපොල, පහළ දංකැටිය ප්‍රදේශයේ ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි පිරිමි දරුවෙකුගේ සිරුරක් ඊයේ (31) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
නව හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මව සහ පියා නිවසේ නොසිටි අවස්ථාවක දරුවා මෙලෙස ළිඳට වැටී ඇති අතර, මව්පියන් පැමිණ දරුවා නිවසේ නොමැති බව දැනගත් මොහොතේ කළ සොයා බැලීමක දී ළිඳේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.
පසුව දරුවාගේ සිරුර ගොඩගෙන බටපොල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී සිදුකිරීමට නියමිතව තිබුණා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සෙනුර දෙව්මිත් නැමැති දරුවෙක්.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති