මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක මුදලක්, එනම් රුපියල් කෝටි 69 ක පමණ මුදලක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
එසේම, අනුශුරයින්ට ඩොලර් මිලියන 1.2 කට ආසන්න මුදලක් හිමිවන අතර, අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබන කණ්ඩායමකට ඇමරිකානු ඩොලර් හය ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් පිරිනමනු ලබනවා.
තරගාවලියේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට ද ඩොලර් එක් ලක්ෂ දොළොස් දහස් පන්සීයක් පිරිනමන අතර එය මෙරට මුදලින් තුන්කෝටි තිස්හත් ලක්ෂයක් ඉක්මවනවා.
මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත්තේ, ජයග්‍රහණය කරන සෑම තරගයකටම ඩොලර් තිස්එක්දහස් එකසිය පනස් හතරක මුදලක් ලබාදීමටයි.
තරගාවලිය තුළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කණ්ඩායම් අතර බෙදාහරින මුදල ඇමරිකානු ඩොලර් මිලියන 11 කට අධිකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!
විදේශිකයින්ගේ ගනුදෙනු පහසු කරමින් කටුනායක ගුවන්තොටුපොළේ ATM යන්ත්‍රයකට නව පහසුකමක්
ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමේ මාර්ගෝපදේශ මාලාවේ වෙනසක්
2029දී අධිකරණ ඇමතිව අවුරුදු 25කට හිරේ දානවා – අර්චුනා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක්! හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක!