තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය.
එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීම විශේෂත්වයක්.
අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය දැයි මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන්ගෙන් විමසා ඇත.
එම අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සැකකරුවන් මහෙස්ත්‍රාත්වරාට දැනුම් දුන් බැවින්, එම ප්‍රකාශය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ලබා ගැනීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
පසුව සැකකරුවන් දෙදෙනා මාර්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය නියම කළේය.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අදාළව මෙම සොහොයුරන් දෙදෙනා කොට්ටාවේදී අත්අඩංගුවට පත්විය.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී මෙම ‘පොල්ගස්ඕවිට ඩිලා’ අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව ‘ඩිලා’ නැමැත්තා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබේ.

20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
බංග්ලාදේශ නව අගමැතිට මෝදි කළ ඇරයුම
හඳුන්නෙත්තිගේ සභාපතිනියක් ඉල්ලා අස්වෙයි
මතීෂ පතිරණ වෙනුවට නම් කළ ක්‍රීඩකයා මෙන්න
ජනපතිට පරුෂ වචනයෙන් බණින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දැමූ 5ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ 887ක් අත්අඩංගුවට
ජනපති අනුර හා ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත අතර හමුවක්
දකුණු අප්‍රිකාවට පහසු ජයක්
හිටපු ජනපති රනිල්ගේ බිරිඳට FCIDයෙන් කැඳවීමක්
මධුශංක, බිනුර සහ තුෂාර අතරින් ලෝක කුසලාන වරම් කාටද?
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
පැතුම් නිස්සංක දැවැන්ත පිම්මක් පනී