Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් රාජපක්ෂ රජයෙන් කළ ඉල්ලීම

4 days ago

දිවයින පුරා පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වන බව ඔහු පෙන්වා දෙනවා.

පවතින තත්ත්වයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපය තුළ පිහිටා ඇති ගෑස් පර්යන්තයෙන් දේශීය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ඔහු රජයට යෝජනා කර සිටිනවා.

හම්බන්තොට ගෑස් පර්යන්තය මගින් දැනට සිදු කරනු ලබන්නේ ගෑස් ප්‍රතිඅපනයනය කිරීම වුවද, පවතින හදිසි තත්ත්වය සලකා බලා එම ප්‍රතිපත්තිය තාවකාලිකව වෙනස් කර දේශීය අවශ්‍යතාව සපුරාලීමට එම ගෑස් යොදාගත යුතු බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය රජය සමයේදී නිසි වේලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් වූ බව සිහිපත් කළ හෙතෙම, වත්මන් රජය එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *