Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මව අහිමි වූ වඳුරු පැටවාට සෙල්ලම් බඩුවක් අම්මා වෙයි! ජපානයෙන් ඇසෙන ලොවම හැඬවූ කතාව!

2 days ago

ජපානයේ ඉචිකාවා (Ichikawa) සත්වෝද්‍යානයෙන් වාර්තා වන අපූරු සත්ව පුවතක් මේ වන විට ලොව පුරා සමාජ මාධ්‍ය ජාලාවල දැඩි අවධානයට ලක්ව තිබේ. ඒ, මාස හයක් වයසැති ‘පන්ච්’ නම් වඳුරු පැටවා සහ ඔහුගේ සමීපතම මිතුරා බවට පත්ව සිටින ඔරංඔටන් සෙල්ලම් බඩුවක් පිළිබඳවයි.

පන්ච් උපත ලැබූ අවස්ථාවේ සිටම ඔහුගේ මව ඔහු කෙරෙහි උනන්දුවක් දක්වා නොමැත. මෙය ඇගේ පළමු ප්‍රසූතිය වීම හෝ එවකට පැවති අධික උණුසුම් කාලගුණය මෙයට හේතු වන්නට ඇති බව සත්ව විද්‍යාඥයින්ගේ මතයයි.

සාමාන්‍යයෙන් වඳුරු පැටවුන් ආරක්ෂිත බව දැනීමට සහ තම මාංශ පේශි ශක්තිමත් කර ගැනීමට නිරන්තරයෙන් මවගේ සිරුරේ එල්ලී සිටීමට පුරුදුව සිටිති. පන්ච්ට එම අඩුව පිරවීම සඳහා සත්වෝද්‍යාන බලධාරීන් විවිධ මෘදු සෙල්ලම් භාණ්ඩ ලබා දී ඇති අතර, එහිදී ඔහු ස්වයංව තෝරාගෙන ඇත්තේ දිගු අත් පා සහිත ඔරංඔටන් සෙල්ලම් බඩුවකි.

එය වඳුරෙකුට සමාන හැඩයක් ගැනීමත්, එය අල්ලාගෙන සිටීමට ඇති පහසුවත් නිසා පන්ච් එම සෙල්ලම් බඩුවට දැඩි ලෙස ඇලුම් කරන බවත්, යන යන සෑම තැනකම එය රැගෙන යන බවත් සත්ව පාලකයෝ පවසති.

මෑතකදී සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ වීඩියෝවක දැක්වුණේ වැඩිහිටි වඳුරෙකු විසින් පන්ච්ව ඇදගෙන යන දර්ශනයකි. මෙය බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වූ අතර පන්ච් අනතුරකට ලක්වේදැයි සැකයක් මතු විය.

කෙසේ වෙතත්, ඊයේ දිනයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉචිකාවා සත්වෝද්‍යාන බලධාරීන් පවසා සිටියේ එම රංචුවේ සෙසු වඳුරන් පන්ච් කෙරෙහි කිසිදු ආක්‍රමණශීලී බවක් පෙන්වා නොමැති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *