අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෙඩික්කරු මීට පෙර මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ගෝනපීනුවලගේ සුනිල් රංජිත් හෙවත් ‘මහසොහොන් කළු’ නමැති මෙම සැකකරු මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය භාරයේ පසුවේ.
විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, ඝාතනයට පෙර දින සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසකදී ගිනි අවි පරීක්ෂා කර ඇති අතර, පසුව පන්නිපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලකට පැමිණ තිබේ. එහිදී සංවිධානාත්මක අපරාධකරු වන ‘කරන්දෙණියේ සුද්දා’ ගේ සමීපතමයෙකු මාර්ගයෙන් මොහුට රුපියල් ලක්ෂයක මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය ලබා දී ඇති බව තහවුරු වී ඇත.
බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම සැකකරු යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වූ හිටපු සෙබළෙකි. මොහු කරන්දෙණියේ සුද්දා සමඟ දීර්ඝකාලීන සමීප සබඳතාවක් පවත්වා ඇති අතර, මීට පෙර අවස්ථාවක මොහුට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගෙවා ඇත්තේ ද කරන්දෙණියේ සුද්දා විසිනි. ඝාතනය සිදු වූ දිනයේ ද මොවුන් දෙදෙනා අතර දුරකථන ඇමතුම් කිහිපයක් හුවමාරු වී ඇති බව දුරකථන විශ්ලේෂණ වාර්තා මඟින් තහවුරු වී තිබේ.

විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්
බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ කල්ලිය හොරණදී කොටුවෙයි
හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්
මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ