විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අතිශය තීරණාත්මක තරගයකින් ප්‍රබල ඉන්දීය කණ්ඩායම ලකුණු 76කින් පරාජය කිරීමට දකුණු අප්‍රිකාව අද (22) රාත්‍රියේ සමත් විය.
අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයත් සමඟ ඉන්දියාව ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පිහිටුවා තිබූ අසමසම වාර්තාවක් ද අවසන් වීම විශේෂත්වයකි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 187ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ එල්ල වූයේ දැඩි පීඩනයකි.
ඉන්දීය පිතිකරුවන්ට පන්දුවාර 18.5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. ඒ අනුව ලකුණු 76ක දැවැන්ත ජයක් හිමිකරගත් දකුණු අප්‍රිකාව සුපිරි 8 වටයේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත් විය.

විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
රේගු වෘත්තීය සමිති සන්ධානයෙන් රතු එළියක්
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් මහසොහොන් කලූට තවත් ඝාතන 10ක් ගැන චෝදනා
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්
බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ කල්ලිය හොරණදී කොටුවෙයි
හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්