Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

10 hours ago

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ චෝදනා ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ. 

ඒ 2024 වසරේ පැවැති 05ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමට අදාළවය.

එම විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2024 වසරේ දෙසැම්බර් මස 31 වෙනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත්කර තිබුණි. 

එම තීන්දුවට අනුව මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතා විසින් රුපියල් මිලියන තුනක මුදලක්, තීන්දුව නිකුත් කළ දින සිට සති හතරක් තුළ සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවට නියෝග කර තිබු බව සඳහන්ය.

එහෙත් වගඋත්තරකර ප්‍රේමතිලක මහතා විසින් එම නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත්ව තිබූ අතර එම ඉල්ලීම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලා තිබේ.

අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය තීරණය දැනුම් දුන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාසකිරීම යටතේ චෝදනා ගොනුකරන ලෙස නීතිපතිවරයාට නියෝග කරමින් වගඋත්තරකරුට මාර්තු 26 ‍වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින දැනුම්දීමක් ද සිදුකර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *