Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට

10 hours ago

පියෙකුගේ පහරදීමෙන් රෝහල් ගතවු සිසුවියකට අද (23) පැවති සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දර්ගා නගරයේ පදිංචි සිසුවියක් පසුගිය සෙනසුරාදා පැවති විභාගයට මුහුණ දී නිවසට පැමිණ, දහය වසරේ ඉගෙනුම ලබන නැගණියද සමඟ අසල මිතුරිකගේ නිවසට ගොස් ආපසු පැමිණීමට ප්‍රමාදවී තිබුණා.

පසුව දරුවන් දෙදෙනාට කලින් නිවසට පැමිණ සිටි පියා මේ සම්බන්ධයෙන් උරණ වී දියණියන් දෙදෙනාටම පහරදී තිබෙනවා.

පහරකෑමට ලක් වූ සාමාන්‍ය පෙළ විභාගය ලියන දියණිය හා දහය වසරේ ඉගෙනුම ලබන දියණිය මෙම පියාගේ පහරදීම ඉවසාගත නොහැකිව අලුත්ගම පොලීසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පසුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම පැමිණිල්ල සටහන් කර සිසුවියන් දෙදෙනාව අලුත්ගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

අනතුරුව ඔවුන් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.

එහිදී ඇය අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා හමුවේ වැඩිමහල් දියණිය සියල්ල පවසා ඇති අතර, ඒ අනුව ස්ථානාධිපතිවරයා අද උදෑසන පොලිස් ජිප් රථය කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට ලබාදී සිසුවියට අවශ්‍ය ආහාර පාන හා පෑන් පැන්සල් සියල්ල ලබාදී කළුතර නාගොඩ රෝහලේ අවසරය මත විභාග මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා තිබුණා. 

පස්වරු 4.10ට විභාගය අවසන් වූ පසු නැවත නාගොඩ ශික්‍ෂණ රෝහල වෙත පොලිස් කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ සිසුවියව රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවද ස්ථානාධිපතිවරයා පැවසුවා.
   
එම සිසුවියන් දෙදෙනා මවගේ රැකවරණය අහිමිව පියා සමඟ ජීවත් වෙමින් සිටිය දී මෙම අවසනාවන්ත තත්ත්වයට මුහුණ පා තිබෙනවා.

මේ අතර සිසුවියන් දෙදෙනාට පහරදී සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද පොලීසිය පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *