Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාවට සහනයක්! අලුත් බද්දෙන් වාහන මිල පහතට!

3 days ago

වාහන සඳහා අලුතින් බදු පනවා ඇති බවට සමාජයේ පැතිරෙන ප්‍රකාශ පදනම් විරහිත බවත්, රජය හඳුන්වා දුන් නව බදු එකතු කිරීමේ උපක්‍රමය හරහා ඇත්ත වශයෙන්ම වාහන මිල අඩුවිය යුතු බවත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.

මෙහිදී සිදුවී ඇති බදු සංශෝධනය පිළිබඳව පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙතෙක් කල් වාහන සඳහා සමාජ ආරක්ෂණ බද්ද (SSCL) අය කරනු ලැබුවේ වාහනය ආනයනය කර විකුණන අවස්ථාවේදී බවයි. 

එම ක්‍රමවේදය තුළ විවිධ බදු අක්‍රමිකතා සිදු වූ බැවින්, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා දැන් එම බද්ද වාහනය ආනයනය කරන අවස්ථාවේදීම රේගුව මගින් අය කිරීමට රජය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය උදාහරණයකින් පැහැදිලි කරමින් කියා සිටියේ, රුපියල් මිලියන 100කට ආනයනය කරන වාහනයක් රුපියල් මිලියන 200කට විකුණන්නේ නම්, පැරණි ක්‍රමය යටතේ එම මිලියන 200ක විකුණුම් වටිනාකම මත 2.5%ක බද්දක් ගෙවිය යුතු වූ බවයි. එහෙත් බොහෝ අවස්ථාවල මෙම බදු මුදල නිසි ලෙස රජයට ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

නව ක්‍රමවේදය යටතේ, අදාළ 2.5%ක බද්ද අය කරනු ලබන්නේ වාහනය ආනයනය කරන වටිනාකම (මිලියන 100) මත පමණි. මේ අනුව බදු අය කරන පදනම් වටිනාකම අඩු වන බැවින්, වාහනයක මිල සැබවින්ම අඩු විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය විකෘති කරමින් ඇතැම් පිරිස් වාහන මිල වැඩි වන බවට පවසන්නේ මහජනතාව තුළ අනියත බියක් ඇති කර තම වාහන අලෙවි කරගැනීමේ උපක්‍රමයක් ලෙස විය හැකි බවත්, එවැනි පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් ආචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

මෙය කිසිසේත්ම අතිරේකව පැනවූ බද්දක් නොවන බව ද ඔහු සහතික කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *