වසර 6ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි. රජය විසින් මේ සඳහා වහාම ලිඛිත සහ සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව එම සන්ධානය අවධාරණය කරයි.
වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වසර හයකට අධික කාලයක් තිස්සේ තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අසාධාරණ ලෙස අහිමි කර ඇති බවයි. එම අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව රේගු වෘත්තීය සමිති සන්ධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික ආර්ථිකයට, ව්‍යාපාරික ප්‍රජාවට සහ සාමාන්‍ය මහජනතාවට ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව රේගු නිලධාරීන් පවසයි. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් එහි සම්පූර්ණ වගකීම මෙතෙක් සිය වගකීම් පැහැර හරින ලද බලධාරීන් විසින් භාරගත යුතු බව ද එම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා ඇත.


විදුහල්පතිවරයෙකුට පහරදුන් මව්පියන් 7ක් අත්අඩංගුවට
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
ඩොලරය පහළට! රුපියල ඉහළට!
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට
ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාවක් නූලෙන් බේරෙයි! කොදෙව්වන්ගෙන් ගිනිකෙළි සංදර්ශනයක්!
ජනවාරියේදී උද්ධමනයේ සිදුවූ වෙනස
අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් මහසොහොන් කලූට තවත් ඝාතන 10ක් ගැන චෝදනා
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි
පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ට ජාත්‍යන්තර ඇගයීමක්
බන්ධනාගාර නිලධාරියෙකුගේ අත කපා යතුරුපැදි කොල්ලකෑ කල්ලිය හොරණදී කොටුවෙයි
හිඟුරක්ගොඩ බිහිසුණු අනතුරක්
මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ