Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාවාරමක් ගැන පොලීසියෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

10 hours ago

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් ලබාගන්නා සංවිධානාත්මක පිරිසක් පිළිබඳව පොලිස් මූලස්ථානය මහජනතාවට අනතුරු ඇඟවීමක් කරයි.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකතන අංකවලට සමානකම් දක්වන විදේශීය දුරකතන අංක භාවිත කරමින් මොවුන් ජනතාව රවටන බවයි. ජාවාරම්කරුවන් අනුගමනය කරන උපක්‍රම මෙන්න:

බැංකු හෝ මූල්‍ය ආයතනවල නියෝජිතයින් ලෙස කතා කරමින් ගිණුම්වල ගැටලු පවතින බව පවසා ඒවා නිරාකරණය කිරීමට උදව් කරන මුවාවෙන් තොරතුරු ලබාගැනීම.

පොලිස් විමර්ශන අංශයක නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම් ලබා ගැනීම. එහිදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ, කාර්යබහුල පොලිස් ස්ථානයක පරිසරයක් නිරූපණය වන පරිදි පසුබිම සකස් කර ජනතාව බිය ගැන්වීම සිදු කරයි.

වංචනික ලෙස බැංකු ගිණුම්වලින් ලබාගන්නා මුදල්, හසුකර ගැනීමට අපහසු වන පරිදි වහාම ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) බවට පරිවර්තනය කරන බවට ද තොරතුරු හෙළි වී ඇත.

තම බැංකු ගිණුම් තොරතුරු, රහස් අංක (PIN/OTP) හෝ පුද්ගලික තොරතුරු දුරකතනය හරහා විමසන කිසිදු පුද්ගලයෙකුට ලබා නොදෙන ලෙස පොලීසිය අවධාරණය කරයි. පොලීසිය හෝ බැංකු කිසිදු විටෙක දුරකතනය හරහා ගිණුම්වල රහස්‍ය තොරතුරු විමසන්නේ නැති බව ද සිහිපත් කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *