Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි 

4 hours ago

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 සහ එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු මස එක්සත් එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට විස්සයි20 තරග 3ක් සහ එක්දින තරග 3ක් ඇතුළත් වේ.

තරගාවලිය ආරම්භ කරමින් දෙරට අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරගය මාර්තු 13 වැනිදා සාර්ජාහිදී පැවැත්වීමට නියමිතය. දෙවන සහ තෙවන තරග පිළිවෙළින් මාර්තු 15 සහ 17 යන දිනයන්හිදී එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ.

විස්සයි20 තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය මාර්තු 20 වැනිදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතය. එහි දෙවන තරගය මාර්තු 22 වැනිදාත්, තෙවන සහ අවසාන එක්දින තරගය මාර්තු 25 වැනිදාත් ඩුබායිහිදීම පැවැත්වෙනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *