Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ නැව්
තටාකාංගන සමාගම ප්‍රංශයට නිපද වූ නෞකාව

3 years ago

මෙරට නෞකා තැනීමේ කර්මාන්තයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොළඹ නැව්
තටාකාංගන සමාගම ප්‍රංශ සමාගමක් සඳහා නෞකාවක් නිපදවා තිබෙනවා.

එම නෞකාව උත්සවාකාරයෙන් දියත් කෙරුණේ ජපානයේ සහ ප්‍රංශයේ තානාපති කාර්යාල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්.

දියඹේ රැහැන් ඇදීමේ සහ පිළිසකර කටයුතු යොදා ගැනෙන මෙම නෞකාව දිගින් මීටර 100ක්.

ප්‍රංශයේ ඔරේන්ජ් මැරින් සමාගම සඳහා නිම වූ මෙම නෞකාව ඉතා ඉහළ ප්‍රමිතියෙන් ඉදිකර දීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.

කොළඹ නැව් තටාකාංගන සමාගමේ සභාපති හිදෙකි ටනාකා පැවසුවේ කොවිඩ් වසංගතය සහ ආර්ථීක අර්බුදය මධ්‍යයේ වුවද ශක්තිමත්ව නැගී සිටිමට ඇති හැකියාව මෙමගින් ඔප්පු වන බවයි.

ජපානයේ පෞද්ගලික සමාගමක් සමග ඒකාබද්ධව මෙරට රාජ්‍ය ආයතනවල 35%ක කොටස් හිමිකාරීත්වයක් ඇති කොළඹ නැව් තටාකාංගන සමාගම පිහිටුවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *