මෙරට නෞකා තැනීමේ කර්මාන්තයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොළඹ නැව්
තටාකාංගන සමාගම ප්‍රංශ සමාගමක් සඳහා නෞකාවක් නිපදවා තිබෙනවා.
එම නෞකාව උත්සවාකාරයෙන් දියත් කෙරුණේ ජපානයේ සහ ප්‍රංශයේ තානාපති කාර්යාල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්.
දියඹේ රැහැන් ඇදීමේ සහ පිළිසකර කටයුතු යොදා ගැනෙන මෙම නෞකාව දිගින් මීටර 100ක්.
ප්‍රංශයේ ඔරේන්ජ් මැරින් සමාගම සඳහා නිම වූ මෙම නෞකාව ඉතා ඉහළ ප්‍රමිතියෙන් ඉදිකර දීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය ප්‍රශංසාව පළ කර තිබෙනවා.
කොළඹ නැව් තටාකාංගන සමාගමේ සභාපති හිදෙකි ටනාකා පැවසුවේ කොවිඩ් වසංගතය සහ ආර්ථීක අර්බුදය මධ්‍යයේ වුවද ශක්තිමත්ව නැගී සිටිමට ඇති හැකියාව මෙමගින් ඔප්පු වන බවයි.
ජපානයේ පෞද්ගලික සමාගමක් සමග ඒකාබද්ධව මෙරට රාජ්‍ය ආයතනවල 35%ක කොටස් හිමිකාරීත්වයක් ඇති කොළඹ නැව් තටාකාංගන සමාගම පිහිටුවා තිබෙනවා.

අද කාලගුණය
විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!
මහනුවර ඇසළ පෙරහරේ කප් සිටුවයි
ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට
වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ