හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වන වසරේ සිසුන් පිරිසකට පොලීසිය පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසයි.
පොලීසිය පැවසුවේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් පාර්ශ්වයෙන් ක්‍රියාත්මක බවය.
හොරණ මිල්ලනිය ප්‍රදේශයේ කනිෂ්ඨ පාසලක පස්වන ශ්‍රේණියේ සිසුන් පිරිසකට විද්‍යාලයේ ගුරුවරියක් සහ විදුහල්පතිනිය පසුගිය දෙවැනිදා පහරදීමක් සිදුකර තිබුණි.
ඒ, ගුරුවරියකගේ අත්බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීමේ සිදුවීමකට අදාළවය.
පහරකෑමට ලක්වූ සිසුවෙක්,
“විද්‍යා මිස් කතා කරලා ඇහුවා කවුද බෝතල්වලට චූ කළේ, පර්ස් ගත්තේ කියලා ඇහුවා. අපි කිව්වා අපි ගත්තේ නැහැ කියලා. මේගොල්ලෝ තමයි ගත්තේ කියලා, ඊට පස්සේ විද්‍යා මිස් ගැහුවා. ඊට පස්සේ අපිට මැඩම් කතා කළා. මැඩම් කතා කරලා දණ ගැස්සුවා. පස්සේ ඇත්ත කියන්න කියලා ගහපු පාර ළමයෙක්ගේ ඔළුව වැදුණා අල්මාරියේ. අල්මාරියේ වැදුණට පස්සේ එයගේ ඔලුව පොඩ්ඩක් තුවාල වුණා.”
අනතුරුව විදුහල්පතිනිය මිල්ලනිය පොලීසියට මේ පිළිබඳව දැනුම්දී පොලිස් නිලධාරීන් පිරිසක් පාසලට කැඳවා තිබුණි.
පහරකෑමට ලක්වූ සිසුවෙක්,
“පොලීසිය ගෙන්නලා අපිට ගැහුවා. පොලීසිය ඊට පස්සේ දණ ගස්සලා කූඩැල්ලෝ එහෙම දාලා කරන්ට් එක වද්දලා. ගහලා ජීප් එකේ මාංචු දාලා එක්කන් ගිහිල්ලා, දණ ගස්සලා කරන්ට් වැද්දුවා ආයේ. එක ළමයෙක්ගේ කකුලේ තුවාලයක් තිබිලා හම ගිහින් ලේ ආවා එයාගේ.”
ප්‍රශ්නය – ඔයාටත් ගැහුව ද ?
“ඔව්..”
ප්‍රශ්නය – කොහෙමද ගැහුවේ ?
“පහරකෑමට ලක්වූ සිසුවෙක් – බැටන් පොල්ලෙන් ගැහුවා”
ප්‍රශ්නය – කොහෙටද ගැහුවේ ?
“යටිපතුලට.. දෙවනි පාරට ගහද්දි ඔළුවට වැදුණේ.”
ප්‍රශ්නය – ජීප් එකේ ගෙනිච්චේ කොහොමද පුතේ ?
“ජීප් එකේ ගෙනිච්චේ පොලිස් මාමලා තුන්දෙනෙක්”
ප්‍රශ්නය – ජීප් එකේ යනකොටත් ගැහුවද ?
“ඔව්…”
ප්‍රශ්නය – පොලීසියට අරගෙන ගියාද ?
“නැහැ බැල්ලන්තුඩාව පැත්තෙත් දාගෙන ආයේ හරවගෙන ආවා..”
ප්‍රශ්නය – මොනවා කියලද ගැහුවේ?
“කුණුහරුපෙන් කිය කිය ගැහුවේ.. කරන්ට් එක අල්ලනවා කිව්වා ඇත්ත කියන්න කිව්වා. පොලීසියෙන් තමයි කරන්ට එක ඇල්ලුවේ.”
පහරකෑමෙන් තුවාල ලැබූ දරුවන් හොරණ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර එක් දරුවකුට එහි නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ද සිදුව තිබුණි.
මේ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමට දරුවන්ගේ මව්පියන් පියවර ගෙන තිබූ අතර සැණින් ක්‍රියාත්මක වූ එම අධිකාරිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් අප විමසීමක් කළේය.
ඔහු පැවසුවේ පොලිසිය දරුවන්ට පහරදුන් බව පැවසෙන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මූලික පරීක්ෂණයක් ක්‍රියාත්මක බවය.
-adaderana-

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
අද රෑ අහසේ ”ඩෙල්ටා ඇක්වාරිට්ස්” දැකගැනීමට අවස්ථාවක්
නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්
සැප ගමනකට තවත් මෙට්‍රෝ බස් නැවක් දිවයිනට
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට