උඩවලව ඇත් – අතුරු සෙවණේ වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී හීලෑ ඇතින්නක සිදුකළ
පහරදීමකින් වන ජීවි දෙපාර්තමේන්තුවේ සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ(07) උදෑසන එම ඇතින්නට ආහාර ලබාදීම සඳහා ගිය අවස්ථාවේ ඔහුට මෙම ඇතින්න පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී තුවාල ලැබූ එම සේවකයා ඇඹිලිපිටිය පළාත්බඳ මහරෝහලට ඇතුළත් කිරීමේදී
ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ පනහඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි පුද්ගලයෙක්.
වසර දෙකක පමණ කාලයක සිට මෙම ඇතින්න රැක බලා ගැනීම සිදුකර ඇත්තේ මියගිය සේවකයා විසින් වන අතර සුදු මැණිකේ නම් මෙම ඇතින්න මීට පෙර අවස්ථා කිහිපයකදී ද වනජීවි සේවකයින්ට පහරදීමේ
සිද්ධීන් වාර්තා වී ඇතත් මෙම මියගිය සේවකයා සමඟ ඇතින්න ඉතා මිතුරුව සිට ඇති බවටයි උඩවලව ඇත් අතුරු සෙවණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති