රට පුරා ප්‍රචණ්ඩත්වය විසිරී ගිය ඉකුත් මැයි මස 9 වැනිදා රාත්‍රියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතාගේ ගාල්ලේ පිහිටි නිවසට ගිනි තබා එහි අල්මාරියක තිබූ රුපියල් කෝටියක මුදලක් කොල්ලකා රැගෙන ගිය තිදෙනකු ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන, වලහන්දූව සහ පෝද්දල හපුගල ප්‍රදේශවල පදිංචි තරුණයන් තිදෙනෙකි.
සැකකරුවන් තිදෙනා අතරින් එක් අයකු සිය බිරිඳගේ මව සමග ඇතිකරගත් ආරවුලකින් පසු ඇය විසින් පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව ඔවුන් කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදලින් රුපියල් ලක්ෂ 55 ක් සොයා ගැනීමට ද ගාල්ල පොලිසිය කටයුතු කර තිබේ.
රමේෂ් පතිරණ මහතාගේ නිවසේ අල්මාරියෙන් ඔවුන් රුපියල් කෝටිය ලබාගෙන දෙදෙනකු ලක්ෂ 30 බැගින් හා අනෙක් පුද්ගලයාට රුපියල් ලක්ෂ හතළිහක් වශයෙන් බෙදාගෙන ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී රමේෂ් පතිරණ මහතාගේ නිවසේ අල්මාරියෙන් තමන් මුදල් ලබාගන්නා අවස්ථාවේ ඒ තුළ තවත් මුදල් නෝට්ටු මිටි රැසක් තිබුණ බවත්, නිවසට ගිනි තැබීමට පැමිණි පිරිසේ සිටි පුද්ගලයන් එම මුදල් රැගෙන ගිය බවත් ඔවුන් අනාවරණය කර ඇත.

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු