අනියම් බිරිඳට දස වධහිංසන පැමිණුවැයි අත්අඩංගුවට ගත් රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂකවරයකු යැයි කියන සැකකරුව නව වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය.
මේසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ චමින්ද කුරුප්පු නානායක්කාර නමැත්තෙකි. තුවාලකාරිය 40 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කීය.
ඇය කොළඹ එක්තරා අධිකාරියක උසස් නිලයක් දරන බව අධිකරණයේදී සඳහන් විය. සැකකරු සහ තුවාලකාරිය නීත්‍යානුකූල විවාහක යුවලක් නොවන බවට මූලික පරීක්ෂණවලින් අණාවරණය පොලිසිය පවසයි.
සැකකරු සහ තුවාලකාරිය අතර ඇති වූ ආරවුලකදී සැකකරු රෙදි මදින ස්ත්‍රික්කයකින් කාන්තාව පුලුස්සා පහරදෙමින් වධහිංසා පමුණුවන අවස්ථාවේදී තුවාල කාරිය ජීවිතය බේරා ගැනීම සඳහා උඩුමහලින් බිමට පැන ඇති බවට කරුණු අනාවරණය වුවද තුවාලකාරිය උඩුමහලින් බිමට පැන්නේ ද ? නැතහොත් සැකකරු ඇයව උඩුමහලින් බිමට දැම්මේ ද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරන බව අධිකරණය හමුවේ අනාවරණය විය.
සැකකරු ගේ අනියම් බිරිඳ වන තුවාලකාරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හෙයින් තුවාලකාරිය ගෙන් ප්‍රකාශ ලබාගෙන නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළේය.
-lankadeepa-

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්