Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!

59 minutes ago

“වව්නියාව සිඟිති පාතාලය” ලෙස තමන්ව හඳුන්වා ගනිමින් පාසල් සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස ප#ර දෙන වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ඉරට්ටපෙරියකුලම් පොලිසිය, ඊට සම්බන්ධ සැකකාර සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 14 සහ 17 වයස් කාණ්ඩවල පසුවන ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මෙම අමානුෂික ප්‍ර#රයට ලක්වූ 15 හැවිරිදි සිසුන් දෙදෙනා බරපතළ තුවාල ලබා මේ වන විට වව්නියාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් පිරිස අද (03) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන ජූනි මස 10 වන දින දක්වා කැබතිගොල්ලෑව පරිවාස නිවාසය වෙත යොමු කිරීමට ගරු මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *