ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් තම රටට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 10 සිට 12.5 දක්වා වූ අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම නව යෝජනාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ‘බලහත්කාර ශ්‍රමය’ (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අදාළ රටවල් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීමයි. එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑමක් එල්ල වන බව අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය පෙන්වා දෙයි.
ඔවුන් සිදුකළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, ශ්‍රී ලංකාව ද බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි.
මෙම යෝජනාවට අනුව අතිරේක බදු පැනවීම කාණ්ඩ දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය:
සියයට 10ක අතිරේක බද්දක්: කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා.
සියයට 12.5ක අතිරේක බද්දක්: ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45කින් ආනයනය කරන භාණ්ඩ සඳහා.
මෙම නව බදු යෝජනා ක්‍රියාත්මක වුවද, ඇඟලුම් සහ රෙදිපිළි ආනයන සඳහා යම් සහනයක් ලබා දීමට අමෙරිකානු පරිපාලනය අවධානය යොමු කර ඇත. ඒ අනුව, අඩු බදු අනුපාත යටතේ නිශ්චිත භාණ්ඩ ප්‍රමාණයක් අමෙරිකානු වෙළෙඳපොළට ඇතුළත් කිරීමට ඉඩ සලසන විශේෂ යාන්ත්‍රණයක් යෝජනා කර ඇති අතර, ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
මෙම නව බදු යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ජූලි 6 වැනිදා දක්වා සිදු කෙරේ. ඉන් අනතුරුව, ජූලි 7 වැනිදා මේ පිළිබඳව විශේෂ මහජන විභාගයක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට
පොලී අනුපාතික තවදුරටත් ඉහළට