කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලට අනුව, අද (03) දිනයේ දිවයිනේ ඉහළම උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
මීට අමතරව දිවයිනේ ප්‍රධාන නගර සහ ප්‍රදේශ කිහිපයකම ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී ඇති අතර, මොනරාගල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.7 ක ද, මුලතිව් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.1 ක ද සහ මත්තල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 34.8 ක ද ඉහළ උෂ්ණත්වයන් වාර්තා වී තිබේ.
තවද, පොලොන්නරුව (34.6°C), ත්‍රිකුණාමලය (34.5°C) සහ වවුනියාව (34.2°C) යන ප්‍රදේශවල ද දැඩි උණුසුම් කාලගුණයක් පැවති බව කාලගුණ වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, අද දිනයේ දිවයිනේ අඩුම උපරිම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය සෙල්සියස් අංශක 19.1 කි.
බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 27.4 ක සහ කටුගස්තොට ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 29.0 ක සාපේක්ෂව අඩු උෂ්ණත්වයන් වාර්තා වී ඇත.
දිවයිනේ සෙසු ප්‍රධාන නගරවල වාර්තා වූ උපරිම උෂ්ණත්වයන් පහත පරිදි වේ.
- කොළඹ – 31.2°C
- රත්මලාන – 32.6°C
- කටුනායක – 31.7°C
- ගාල්ල – 30.0°C
- හම්බන්තොට – 33.3°C
- යාපනය – 33.1°C
- මන්නාරම – 31.8°C
- අනුරාධපුරය – 32.5°C
- කුරුණෑගල – 32.2°C
- මඩකලපුව – 33.7°C
- රත්නපුර – 31.6°C
- බදුල්ල – 31.5°C
- පුත්තලම – 31.5°C
- මහඉලුප්පල්ලම – 31.6°C
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LPL 2026 කණ්ඩායම් පහේ ක්‍රීඩකයින් මෙන්න
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11ක් අතුරුදන්
වව්නියාවේ සිඟිති පාතාලයෝ කල්ලිය අල්ලයි! සෙට් එකම පරිවාස භාරයට!
සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්
පීබෝ බ්‍රයිසන් දිවි ගමනට සමුදෙයි
අමෙරිකාවෙන් ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අමතර බද්දක්
ශ්‍රී ලංකා – කොදෙව් පලමු එක්දින තරගය අද! තරගය ආරම්භ වන වේලාව මෙන්න!
වාණිජ බැංකු කිහිපයකම අද ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන්
නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
කිරිඇල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් තහනමක් පනවයි