Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි

51 seconds ago

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ වි‍ශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද (04) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය.

කෙසේවෙතත් අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා දිවි බේරාගැනීමට සමත්වී තිබේ.

අද (04) උදෑසන 6:45ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

පසුව නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කඩාවැටීමෙන් ඊට යටවී මියගොස් සිටි තිදෙනාගේ සිරුරු ඉවතට ගෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත්වී තිබූ එම යූකැලිප්ටස් වර්ගයේ මෙම ගස කපා ඉවත් කරන ලෙස අදාළ පාර්ශ්වය වෙත දැනුම්දී තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබීම හමුවේ මෙම අනතුර සිදුවී ඇති බවය.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *