Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එල් -නිනෝ තත්ත්වයට මුහුණ දීමට රජය ගෙන ඇති පියවර

38 minutes ago

ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇති එල් -නිනෝ තත්ත්වය පිළිබඳව රජය අවධානය යොමු කර ඊට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (16) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා රජයක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත් අමාත්‍යවරු අමාත්‍යාංශ මට්ටමින් ගත හැකි පියවරයන්ද මේ වන විට සාකච්ඡා කර ඇති බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් එල්-නිනෝ තත්ත්වය පිළිබඳව යම් පුරෝකථන නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි සැලසුම් සකස් කරමින් බවතින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා එළැඹෙන වසරේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව සැලකික්ට ගෙන ඉදිරි සැලසුම් සකස් කරමින් පවතින බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, 

“රජයක් හැටියට අපි මේකෙන් එන්න පුළුවන් බලපෑම විශේෂයෙන් කෘෂිකර්මාන්තය ඇතුළු ආහාර නිෂ්පාදනයට ඒ වගේම අපේ ජල සම්පත ආදී ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මේ වන විටත් අවධානය යොමු කරලා තියෙනවා. මේ වන විටත් ජනාධිපතිවරයාගේ ප්‍රධාන්තවයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණා. ඒ වගේම අමාත්‍යවරු තම තමන්තේ අමාත්‍යාංශවල මෙවැනි තත්ත්වයක් ලබන ජූලි – අගෝස්තු කාලවල සහ අනිත් පැත්තෙන් ඊළඟ අවුරුද්දේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරලා පූර්ණ වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ දැන් සාකච්ඡා කරමින් සැලසුම් සකස් කරමින් ඉන්නවා. විශේෂයෙන් ඊළඟ කන්න වගා කිරීමේදී කොහොමද අපි මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කියන එක. මොකද මේකෙදි දැනට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මීට සම්බන්ධ කණ්ඩායම් මේ ඇති විය හැකි ස්වභාවය පිළිබඳය යම් පුරෝකථනය නිකුත් කරලා තියෙනවා. මේවාත් සැලකිල්ලට අරගෙන තමයි ඉදිරි සැලසුම් සකස් කරන්නේ. මේකේ හානිය අවම කරගෙන අවශ්‍ය පූර්ව සූදානම් කටයුතු අවශ්‍ය වෙලාවේදි ගන්න තමයි අපි කටයුතු කරන්නේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *