Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෝමාගම Crimes OIC රිමාන්ඩ්

34 minutes ago

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ සේවය පසුගිය 26 වැනිදා සිට අත්හිටුවීමට ද පියවර ගෙන තිබිණි.

එමෙන්ම එම පොලිස් ස්ථානයේ උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ ද සේවය අත්හිටුවා ඇත.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම සහ රාජකාරි පැහැර හැරීම යන චෝදනා මත හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සේවය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු සිරමැදිරියේ රඳවා තැබීමේදී ඔහුගේ තත්ත්වය පිළිබඳව නිසි සොයා බැලීමක් සිදු නොකිරීම, විමර්ශන නිලධාරීන්ට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා නොදීම සහ අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් නිවැරදිව පවත්වාගෙන යන්නේද යන්න පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදු නොකිරීම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *