Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka police

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක වෙයි! හිටපු ජනපති මහින්ද නිසා SSP ලා තිදෙනෙකුගේ පොලිස් නිල ඇදුම් ගැලවෙයි!

26 minutes ago

ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස සේවය කරමින් සිටි තිදෙනකු වහාම ක්‍රියාත්මක යන පරිදි ප්‍රධාන පොලිස් පරීකෂක නිලයට පහල හෙලීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද නියෝග කළා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් ක්‍රියාත්මක කරන ලෙස ජාතික පොලිස් කොමිසම ගත් තීරණයක් අනුවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට 2010 වසරේදී සහකාර පොලිස් අධිකාරි තනතුර දක්වා ලබාදුන් විශේෂ උසස්වීම් ශූන්‍ය සහ අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට මාසයකට පෙර නියෝග කර තිබුණා.

බෙලිඅත්ත පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකු ද ඇතුළත් මෙම නිලධාරීන් තිදෙනාට අදාළ උසස්වීම් ලබාදීම වෙනුවෙන් 2010 ජූලි 28 වැනිදා ගනු ලැබූ කැබිනට් තීරණ නීති විරෝධී බවත්, එම තීරණ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) මූලික අයිතිවාසික කඩවන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

පොලිස් පරීක්ෂකවරුන් 33 දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබුණා.

අදාළ උසස්වීම් ලබාදීමේදී නියමිත බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බව පෙත්සම්කරුවන්ගේ චෝදනාව වී තිබුණා.

මෙම උසස්වීම් සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවල එවකට ආරක්ෂක අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ලබාදුන් සේවාවන් පිළිබඳව අවධානය යොමු කර එම උසස්වීම් ලබාදී තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබෙනවා.

එහෙත්, ස්ථාපිත උසස්වීම් ක්‍රමවේදයෙන් බැහැර වීමට අවශ්‍ය පරිපාලනමය හෝ ආයතනික හේතු එම කැබිනට් පත්‍රිකාවලින් පෙන්වා දී නොමැති බවද අධිකරණය සඳහන් කළා.

තීන්දුව ක්‍රියාත්මක කරමින් පොලිස්පතිවරයා අද නිකුත් කළ චක්‍රලේඛය අනුව දැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස කටයුතු කරන නිලධාරීන් තිදෙනා පහත සඳහන් දිනයන්වල සිට ප්‍රධාන පොලිස් නිලධාරීන් ලෙස පත් කර තිබෙනවා.

ජ්‍යෙ.පො.අ. වී.වී.එස්. ගුණතිලක මහතා – 2006.01.01 සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක
ජ්‍යෙ.පො.අ. ඒ.ජේ.වයි.බී. ක්‍රිශාන්ත මහතා – 2005.01.01 දින සිට ⁣ප්‍රධාන පොලිස් පරීක්ෂක
ජ්‍යෙ.පො.අ. පී.එම්.බී. පෙරේරා මහතා – 2006.01.01 දින සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *