මැලේසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්මලානේ සයිමා නැමැත්තා කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම ඔහු කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවී සිටිමට ද සහය ලබාදි ඇති බවද පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ පොලිස් කණ්ඩායමක් මැලේසියාවේදී එරට පොලිසිය සමග එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයමුකදී ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් රත්මලානේ සයිමා නැමැත්තා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කංජිපානි ඉම්රාන් නැමැති අපරාධකරුගේ සියලු මුල්‍ය කටයුතු ඔහු විසින් මෙහෙයවා ඇති බවය.
සැකකාර සයිමා නමැත්තා කංජිපානි ඉම්රාන්ගේ සමාජමාධ්‍ය කටයුතු භාරව ද ක්‍රියාකාර ඇති අතර ඒ අනුව ඔහුගේ හඬපට සමාජගත කිරීමද ඔහු විසින් සිදුකර ඇති බව අනාවරණ වෙයි.
එමෙන්ම පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේට මැලේසියාවේ සැඟවසිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත ඔහු විසින් පහසුකම් සලසා ඇතැයිද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
මේ වනවිට ප්‍රංශයේ සැඟවී සිටින කුඩු අංජු නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කලක් කර ඇති ඔහු පසුව කංජිපානි ඉම්රාන් සමග එක්ව ඇති බවයි පොලිසිය පැවසීය.
කුඩු අංජු විසින් සයිමා නැමැත්තා ඝාතනය කිරීමේ සූදානමක් පැවත ඇති අතර ඒ පිළිබඳව කංජිපානි ඉම්රාන් විසින් සයිමාට දැනුම්දීමෙන් පසුව ඔහු කංජිපානි සමග හිතවත්ව කටයුතු කර තිබේ.
ඔහු වසර 10කට පමණ ඉහතදී මැලේසියාවට පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේය.
(source – adaderana)
මීගමුව මුහුදේ දී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වෙයි! ධීවරයින් සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානයක් යොදවයි! එක් මළ සිරුරක් හමුවෙයි!
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්ම වූ තද වැසි
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය අලුත් කරයි! රුමේෂ් තරංගගෙන් ඓතිහාසික රන් පදක්කමක්!
“මේ තීන්දුවෙන් සතුටු වන දෙන්නෙක් ඉන්නවා” – මරණ දඬුවම නියම වූ හේමසිරි ප්‍රනාන්දු කළ විශේෂ ප්‍රකාශය
ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියේ පහත්බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Lanka Metro Transit වෙතින් රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා! මසකට රු.115,000කට වැඩි වැටුපක්!
කොළඹ උද්ධමනය ඉහළට
දයාසිරි ජයසේකර අල්ලස් කොමිසමට
මිලියන 3,811ක දේපළ රජයට පවරා ගැනීමට සැලසුම්
නව හමුදාපති පත් කෙරේ
මිරිස්සේ වෙඩි තැබීමක්