කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (04) දිනයේ ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ සහ කාලසීමාව පහත පරිදි වේ.
*මොරටුව (පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා – පැය 5ක්)
කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම්භහවන්ත, පොල්වත්ත, ශ්‍රීයා පෙදෙස, ක්ලෝ වියස් මාවත, ගුණවර්ධනරාම පාර, ලේක් වලා, ශාන්ත පීතර පටුමග, පී. එම් ප්‍රනාන්දු මාවත, පහවිදාන මාවත, ජනජය පාර, ශාන්ත පීතර පාර, ෆැරන්සිස්කෝ පෙදෙස, එගොඩඋයන සහ මෙල්විල් වත්ත.
*පානදුර (පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා – පැය 5ක්)
පානදුර, කිරිබෙරිය, හිරණ, කෙසෙල්වත්ත සහ පින්නවත්ත.
*බණ්ඩාරගම (පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 12ක්)
බණ්ඩාරගම, රයිගම, මිල්ලෙණිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝපුල්ල සහ මොරොන්තුඩුව.
*හොරණ (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 5ක්)
හොරණ, මදුරාවල සහ පෝරුවදණ්ඩ.
*කුඹුක (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 5ක්)
කුඹුක, ගෝනාපොල, කහතුඩුව සහ කිරිවත්තුඩුව.
*ඉංගිරිය (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා – පැය 5ක්)
ඉංගිරිය සහ නම්බපාන.
* පිළියන්දල (හෙට ප.ව. 4.00 සිට අනිද්දා (05 වෙනිදා) පෙ.ව. 8.00 දක්වා – පැය 16ක්)
පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්නන්තර, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහපොල, මොරටුව පාර කොස්පැලැන්න, ගංගාරාම පාර සහ නීලමහර.
මෙම ජල සැපයුම් අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කරන අතර, අදාළ කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ඉල්ලා සිටී.
වැඩිදුර තොරතුරු සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැකි බව දැනුම් දී තිබේ.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 6ක් අතුරුදන්
ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව
අයහපත් කාලගුණයෙන් වැසුණු මාර්ග ගැන RDAයෙන් දැනුම්දීමක්
නිවසක් මතට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට! තිදෙනෙක් අතුරුදන් වෙයි!
ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
හරක් කටාට ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක්
දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂ හා ජනපති අතර හමුවක්
මිනෙත්ගේ පිත්ත සහ තරින්දගේ පන්දුව බ්ලූම්ෆීල්ඩ් U23 අවසන් මහා තරගයට ගෙන යයි
මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් හෙට වැසෙයි
කඩුගන්නාව – ගනේතැන්න අතර මාර්ගය වසා දමයි
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
ඉදිරි පැය 24 කාලගුණය ගැන දැනුම්දීමක්