මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා නිදහස් කෙරුණු හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝගය නිකුත් කර ඇත.
ඊට අමතරව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝම්බර් මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටි ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම තුළින් පුද්ගල ඝාතන සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළේය.
එම මරණීය දණ්ඩනයට එරෙහිව ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ අභියාචනාධිකරණය ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.
අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් ඒ අනුව එය බල රහිත කර දඩූවම් පැමිණවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා එම සිද්ධියෙන් අගතියට පත්වූවන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම ඊයේ (04) අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුනි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කර ඇත.

ලක්මවට ඉතිහාසගත ජයක්! රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි!
ජනපති සහභාගී වෙන ජන රැලි අද ඇරඹෙයි
අද ඉර මුදුන් වෙන ප්‍රදේශ
කොස්ගොඩ තාරකගේ ඥාතියෙකුට තැබූ වෙඩිල්ලක් ව්‍යර්ථ වෙයි
ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම
නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්
ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
ප්ලේන් ටී – කිරි තේ මිල පහළට
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්