පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනය කරයි.
පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත දැවැන්ත ජන රැළියට ලැබෙන ඉහළ ජනප්රසාදය හමුවේ බියට පත්ව ආණ්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුගෙන් ඕස්ට්‍රේලියාවේදී ලබාගත් විශ්වාසනීයත්වයකින් තොර ප්‍රකාශයක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පවසන පොදුජන පෙරමුණ, නාමල් රාජපක්ෂට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
නායකයෙකු සිරගත කළද ජනතා බලවේගය මර්දනය කළ නොහැකි බවත්, සැප්තැම්බර් 12 අනුරාධපුර මහ ජන රැළිය සැලසුම් කළ පරිදිම වඩාත් ශක්තිමත්ව පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩඩ්ලි සිරිසේන හදපු පොළොන්නරුව ස්ටේෂන් එක
ගවයෙකු බේරීමට ගිය ට්‍රැක්ටරයක් වැවට පෙරළෙයි! තරුණයෙකු මරුට!
ඉදිරියේදී බිග් මැච්වලට මත්පැන් සහ මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තහනම්
ප්ලේන් ටී – කිරි තේ මිල පහළට
හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්! එක් අයෙකු මරුට!
ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන ගණනක දැවැන්ත ලාභයක්
පානදුර අධිකරණයෙන් කුඩු සළිඳුගේ නඩු ගොනු අස්ථානගතයි! පිස්කල් හා සිතාසි භාර නිලධාරියා ලංකාවෙන් ගිහින්!
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
ලිට්රෝ ගෑස් මිල පහළට
දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල පහළට