Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංගමට නව බස් රථ 800ක්

11 hours ago

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර වායුසමීකරණය කළ (A/C) නව බස් රථ 600ක් ආනයනය කිරීමටත්, ලංගම අරමුදල් යොදා ගනිමින් තවත් බස් රථ 200ක් මිලදී ගැනීමටත් පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඊයේ (07) කඩවත මෙට්‍රෝ ඩිපෝ අංගණයේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීට අමතරව, දැනට ක්‍රියාත්මක මෙට්‍රෝ බස් සේවාව (Metro Bus Service) බස්නාහිර පළාතට පමණක් සීමා නොකර ගාල්ල, මහනුවර සහ යාපනය යන ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇත.

මෙම මාසය තුළ මෙට්‍රෝ බස් සංඛ්‍යාව 122 දක්වා ඉහළ නංවන අතර, තවත් බස් රථ 50ක් මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබේ. ඒ අනුව ඉදිරියේදී මෙට්‍රෝ බස් fleet එක 172 දක්වා වැඩි වන අතර, මෙට්‍රෝ ආයතනය සමග ගිවිසුම්ගතව මෙම සේවාවට එක්වීමට පෞද්ගලික අංශයට ද ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *