ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට මෙන්ම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම සම්බන්ධ ගිවිසුමකට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව අදාළ ගිවිසුම් දෙක වසර 05ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අත්සන් කිරීමට නියමිතය.
දෙරට අතර ද්විපාර්ශ්වික ශ්‍රම සංක්‍රමණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙමගින් තායිලන්තයට ශ්‍රමිකයන් යැවීම සහ බඳවා ගැනීම විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව සිදුකිරීම සඳහා ව්‍යුහගත ක්‍රමවේදයක් ස්ථාපිත වන අතර, තායිලන්තයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ නීතිමය අයිතිවාසිකම්, සුබසාධනය, ආරක්ෂාව තහවුරු කිරීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම ද මින් අපේක්ෂා කෙරේ.

මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
අද කාලගුණ නිවේදනය!
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට