අතුරුගිරිය, ගොඩගම පාර ප්‍රදේශයේ අවන්හලක සේවය කරමින් සිටි 17 හැවිරිදි තරුණයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද (08) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරු මැදහින්න, මුංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.
වෙඩිතැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්
මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ලංගමට නව බස් රථ 800ක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි