උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (08) පස්වරු 4ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව,උතුරු – මැද, නැගෙනහිර පළාත් සහ යාපනය, කිලි නොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කල යුතු’ මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.
මේ අතර,හෙට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මගී ප්‍රවාහන රථවලට දැඩි නීති පැනවෙන ලකුණු
මෙරට නිල සංචිත වත්කම් දක්වා ඉහළට
ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති සමග ගිවිසුම් තුනක් අත්සන් කිරීම හෙට
විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර
අල්ලස් කොමිසම චමල් රාජපක්ෂගෙන් පැය 2කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ආචාර්ය අජිත් රෝහණ 38 වසරක පොලිස් සේවය නිම කරයි
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
අද කාලගුණ නිවේදනය!
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට
අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට