Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්

1 day ago

2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා වසා දැමීමට කටයුතු කරන ලද සතොස අලෙවිසැල් සංඛ්‍යාව 31ක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පවසයි. අද (08) දින පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විපක්ෂ මන්ත්‍රී චානක මාදුගොඩ මහතා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍ය ජයවර්ධන මහතා පැවසුවේ, 2026 අගෝස්තු 17 දින වන විට දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් සංඛ්‍යාව 424 ක් බවයි.

මේ අතර සතොස අලෙවිසැල්වල මේ වන විට භාණ්ඩ ගණනාවක හිඟයක් පවතින බව චානක මාදුගොඩ මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, දිවයින පුරා දිස්ත්‍රික්කයකට එක බැගින් දිස්ත්‍රික් ගබඩා කිරීමට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ හරහා බෙදාහැරීමේ කටයුතු, ආනයනය කිරීම සහ තොග සැපයීම නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරමින් අනෙක් ආයතනවලට වඩා අඩු මිලට භාණ්ඩ සැපයීමට කටයුතු කරන බවත්ය. එහි පළමු පියවර ලෙස මාතර තොග ගබඩාව එළඹෙන මාසයේ දී ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *