විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් පසුගිය අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකු වාර්තාවක සඳහන් වනුයේ එය පසුගිය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බවය.
පසුගිය 2025 අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක් ලැබී තිබුණි.
මේ අතර ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති සමස්ත ප්‍රේශණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,131ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.
එයද පසුගිය වර්ෂයේ එම කාලයට සාපේක්ෂව වර්ධනයක් වන අතර පසුගිය 2025 කාලයේ මුල් මාස 8 සඳහා ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක් බවද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්
අදත් තද වැසි
ප්‍රවීණ කලා ශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
නඩු තීන්දුවෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්!
එන්නත් නොකළොත් ලියාපදිංචිය නෑ! ලයිෂන් නැති බලු හිමියන්ට නව පනතින් රුපියල් දඩ!
සමගි ජන බලවේගය 24 වනදා කොළඹට
රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්