ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් ඊයේ (12) රාත්රියේදී වෙඩි තබා තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලද තොරතුරකට අනුව වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින ලද බවට පූර්ව අනාවරණයකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.
ඒ අනුව අදාළ වෑන් රථය ගම්පහ උඩුගම්පොල දෙසට ගමන් ගන්නා බවට තොරතුරු තහවුරු කර ගත් පොලිස් නිලධාරීන් විසින් ජීප් රථයෙන් අදාළ වෑන් රථය සූක්ෂමව හඹාගොස් තිබේ.
එහිදී පොලිස් නිලධාරීන් තමා පසුපස හඹා එන බව නොදත් වෑන් රථයේ රියදුරු උඩුගම්පොල මාර්ගයේ මල්වත්ත හන්දිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගය අසල නවතා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් ජීප් රථයෙන් බැස වෑන් රථය පරීක්ෂා කිරීමට තැත් කර ඇත.
එහිදී වෑන් රථයේ රියදුරු මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් අනතුරට පත් කරමින් වෑන් රථය ක්ෂණිකව කිහිප අවස්ථාවක් පසුපසට හා ඉදිරියට ධාවනය කර නැවත පොලිස් ජීප් රථයද හප්පා නිලධාරීන්ද අනතුරට ලක් කර පලා යාමට තැත් කර ඇත.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් වෑන් රථයේ රියදුරුද තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.
අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී වෑන් රථය තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්
අද පස්වරුවේ වැසි වැටෙන ප්‍රදේශ