මෙරට නිවාස නොමැති පවුල් 60,000කට ආසන්න සංඛ්‍යාවකට මේ වසර තුළ නිවාස ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නොච්චියාගම පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව නිවාස 35,000කට ආසන්න ප්‍රමාණයක් සහ දිට්ඨාවලින් නිවාස 25,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු අධ්‍යයනය කරමින් ගුරුවරුන් 23,000ක් සහ පොලිස් නිලධාරීන් 10,000ක් ඇතුළුව සමස්තයක් ලෙස 121,000ක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අවසර ලබාදී ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව, නතර වී තිබූ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය, උතුරු මහා ඇළ, රාජාංගනය–ගිරිබාව සහ රුපියල් කෝටි 5,200ක කැබිතිගොල්ලෑව ජල ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය රජයේ මුදලින් ඉදිකිරීමට කටයුතු කරන බවත් පැවසීය. වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කර ඇති අතර, මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් තාර ගෙන්වා ගැනීමට ඇති වී තිබෙන බාධා නිසා ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව ප්‍රමාද වී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්
අදත් තද වැසි
ප්‍රවීණ කලා ශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
නඩු තීන්දුවෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්!
එන්නත් නොකළොත් ලියාපදිංචිය නෑ! ලයිෂන් නැති බලු හිමියන්ට නව පනතින් රුපියල් දඩ!
සමගි ජන බලවේගය 24 වනදා කොළඹට
රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්
රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්