මෙරට නිවාස නොමැති පවුල් 60,000කට ආසන්න සංඛ්‍යාවකට මේ වසර තුළ නිවාස ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. නොච්චියාගම පැවැති ජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ නව නිවාස 35,000කට ආසන්න ප්‍රමාණයක් සහ දිට්ඨාවලින් නිවාස 25,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු අධ්‍යයනය කරමින් ගුරුවරුන් 23,000ක් සහ පොලිස් නිලධාරීන් 10,000ක් ඇතුළුව සමස්තයක් ලෙස 121,000ක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අවසර ලබාදී ඇති බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මීට අමතරව, නතර වී තිබූ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය, උතුරු මහා ඇළ, රාජාංගනය–ගිරිබාව සහ රුපියල් කෝටි 5,200ක කැබිතිගොල්ලෑව ජල ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගය රජයේ මුදලින් ඉදිකිරීමට කටයුතු කරන බවත් පැවසීය. වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කර ඇති අතර, මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් තාර ගෙන්වා ගැනීමට ඇති වී තිබෙන බාධා නිසා ඇතැම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව ප්‍රමාද වී ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට