මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 91 වැනි වියේ පසුවූ ඒ මහත්මිය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.
දිවයිනේ ප්රමුඛ පෙළේ පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස දීර්ඝ කාලයක් සේවය කරමින් දහස් සංඛ්‍යාත දූදරුවන්ට උඩරට නර්තන සම්ප්රදාය කියාදුන් ඇය, ප්‍රවීණ විරිදු ගායන ශිල්පී සේන ෆොන්සේකා මහතාගේ බිරිඳ මෙන්ම වර්තමානයේ මෙරට කලා ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ කලාකරුවන් රැසකගේම මුල් ගුරුවරිය ද වූවාය.
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ජනකලාව, ජනගී සහ නර්තන කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ඒ මහත්මියගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්
අදත් තද වැසි
නඩු තීන්දුවෙන් පසු ගලගොඩඅත්තේ ඥානසාර හිමි අතුරුදන්!
එන්නත් නොකළොත් ලියාපදිංචිය නෑ! ලයිෂන් නැති බලු හිමියන්ට නව පනතින් රුපියල් දඩ!
සමගි ජන බලවේගය 24 වනදා කොළඹට
රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්
22 හැවිරිදි තරුණයාට දිවි අහිමි කළ මාරක අනතුර
විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද