ශ්රී ලංකා ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබාදීම් සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විසින් සිදු කළ ඉල්ලීමට රාජ්ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව 2022 වසරේ ඔක්තෝබර් මස 23 වැනිදා සිට 2025 වසරේ ජුනි මස 30 වැනිදා දක්වා කාලය තුළ ගුරු සේවයේ I ශ්රේණියට උසස්වීම් ලද ගුරුවරුන් කාර්යක්ෂමතා කඩඉම් සම්පූර්ණ කිරීමේ අවශ්යතාවයෙන් නිදහස් කෙරේ.
කෙසේවෙතත් මෙම කඩඉම ඉදිරි උසස්වීම ලැබීමට පෙර සම්පූර්ණ කළ යුතු බව සඳහන්ය.
තමා උසස් වූ ශ්රේණියට පූර්වයෙන් සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩඉම ඊළඟ උසස්වීම් දිනට පෙර සම්පූර්ණ කිරීමේ කොන්දේසිය මත උසස් වීම් ලද නිලධාරීන්, එකී පූර්ව ශ්රේණියේ කාර්යක්ෂමතා කඩඉම සම්පූර්ණ කිරීමේ අවශ්යතාවයෙන් නිදහස් කිරීමට ද තීරණය ගෙන ඇත.
2025/06/30 දින සිට පහත පරිදි තමන් අයත් ශ්රේණියට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වෙන දිනය යන දින අතර කාලය තුළ ශ්රේණි උසස්වීම් යෙදෙන නිලධාරීන්ට ද මොඩියුල / කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්පූර්ණ කිරීම නොසළකා ශ්රේණි උසස්වීම් ලබාදීමටත් කටයුතු කර තිබේ.
• පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2494 හා 2026/06/19 දිනැති ගැසට් පත්රය අනුව,
• දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2498 හා 2026/07/17 දිනැති ගැසට් පත්රය අනුවද,
• තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අංක 2503 හා 2026/08/21 දිනැති ගැසට් පත්රය අනුවද වේ.
මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව දැනුවත් කරමින අධ්යාපන චක්රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
අංක 2444/21 හා 2025/07/08 දිනැති අති විශේෂ ගැසට් පත්රයේ පල කරන ලද සංශෝධිත ගුරු ව්යවස්ථා ප්රකාරව කාර්යක්ෂමතා කඩඉම් විභාග ක්රමය හඳුන්වාදීමට තීරණය ගන්නා ලදී.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට