ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ වරප්‍රසාද ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපතිනී ආචාර්ය ටූලියා ඇක්සන් (Dr. Tulia Ackson) සහ මහලේකම් අන්දා ෆිලිප් (Anda Filip) වෙත මෙම ලිපිය යොමුකර ඇති අතර, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නිල කටයුතුවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් පරීක්ෂණයක් පවත්වන බවට වාර්තා වන පසුබිමක, ඔහු ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 10 වන දින තමන් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකළ බව දයාසිරි ජයසේකර එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
එම වරප්‍රසාද ප්‍රශ්නය පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව වෙත යොමුකිරීමට නියමිතව තිබුණද, කථානායකවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ නොදී තමන් විසින්ම අධ්‍යයනය කරන බව ප්‍රකාශ කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
තමන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනාවක් සම්බන්ධයෙන් කථානායකවරයාම තීරණ ගැනීම “තමන්ගේම නඩුවේදී කෙනෙකුට විනිසුරුවරයා විය නොහැක” (nemo judex in causa sua) යන මූලික නීතිමය මූලධර්මයට පටහැණි බවත්, එමගින් පාර්ලිමේන්තු ක්‍රියාවලියේ ස්වාධීනත්වයට හානි වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
එමෙන්ම, වෙනත් විවාදයකදී මෙම වරප්‍රසාද ප්‍රශ්නයට අදාළ කරුණු මතුකිරීමට උත්සාහ කළ අවස්ථාවේදීද කථානායකවරයා තමන්ගේ කතාව නතර කළ බවත්, එමගින් 1953 අංක 21 දැක්වෙන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මගින් තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වී ඇති බවත් ලිපියේ සඳහන්.
තමන් ඉදිරිපත් කළ කරුණු සලකා බලා, අදාළ වරප්‍රසාද ප්‍රශ්නය කථානායකවරයා විසින්ම තීරණය කරනු වෙනුවට සුදුසු පාර්ලිමේන්තු වරප්‍රසාද කාරක සභාව වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව උනන්දු කරවන ලෙසත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම සිදුවීම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් මන්ත්‍රීවරයා IPU වෙතින් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වේ…..
දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්