ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය සැප්තැම්බර් 10 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වමින් එළිදක්වන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව, නිල ලාංඡනය ඇතුළත් ස්මාරක ඵලකයක් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නනායක්කාර මහතා විසින් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
2027 ජනවාරි 17 සිට 23 දක්වා හෝමාගම, දියගමදී පැවැත්වීමට නියමිත 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සමඟ පැවති විශේෂ හමුවකදී මෙම නිල ලාංඡනය එළිදක්වන ලදී. මෙම ජම්බෝරියට සමගාමීව ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ 115 වැනි සංවත්සර සැමරුමද සිදුකිරීමට නියමිතය.
මෙම ජාතික ජම්බෝරිය සඳහා දේශීය බාලදක්ෂයින් 10,000 ක් පමණ සහ විදේශීය බාලදක්ෂයින් 3,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම හමුවේදී, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ මනෝජ් නනායක්කාර මහතා විසින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම උත්සවයට සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති රන්සිරි පෙරේරා, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්, නීතිඥ කපිල කල්‍යාණ පෙරේරා, කවුන්සිල කමිටුවේ සභාපති, ඉංජිනේරු කමල්නාත් ජිනදාස සහ ජම්බෝරියේ සම සංවිධායක කොමසාරිස්, ඉංජිනේරු අමිල් අබේසුන්දර යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ කොමසාරිස්වරු පිරිසක් එක්ව සිටියහ.

දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර
අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්